සීගිරිය කැටපත් පවුරේ දිලීරයක් පැතිරෙයි

සීගිරිය කැටපත් පවුරේ දිලීරයක් පැතිරෙයි

by Chathuranga Rajapaksha 04-02-2018 | 1:30 PM
සීගිරිය කැටපත් පවුරේ යළි ත් වරක් දිලීරයක් පැතිරී ගොස් තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කැටපත් පවුරේ ස්ථාන කිහිපයක මෙම දිලීරය වර්ධනය වී ඇති බව ය. ඒ සඳහා කැලිණිය විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා ඒකකයේ ආචාර්යවරුන්ගේ උපදෙස් මත මේ වනවිට පිළියම් ආරම්භ කර තිබේ. සීගිරි පර්වතය වටා ඇති ගස්වල වර්ධනය වූ දිලිරයක් මෙලෙස කැටපත් පවුරේ වර්ධනය වී ඇති බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.