ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අවසන්

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

by Sagarika Chathumali 04-02-2018 | 4:56 PM

තරග දෙකකින් යුතු ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.

චිතගොංහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 513 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9 ක් දැවී ලකුණු 713 ක් රැස් කරගෙන සිටියදී සිය පළමු ඉණිම අත්හිටුවීය. තරගය ජය පැරදුමෙන් තොරව අද නිමාවන විට සිය දෙවන ඉණිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 307 කි. දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන 8 වන දා මිර්පූර් හීදී ආරම්භ වේ.