by Sagarika Chathumali 04-02-2018 | 7:04 PM
මාලදිවයින් ආරක්ෂක අංශ සාමාජිකයින් පාර්ලිමේන්තුව වට කර විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය අනාවරණය කළේ, විපක්ෂ ක්‍රියාකාරීන් නිදහස් කිරීමට අධිකරණය ලබා දුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් මාලදිවයිනේ දේශපාලනික අර්බුදය උග්‍ර වී ඇති බවයි.
පසුගියදා මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, දැනට අත්අඩංගුවේ සිටින විපක්ෂ නායකයින් 09 දෙනෙකු නිදහස් කර ඔවුන්ට එරෙහි නඩු විභාග යළි පවත්වන ලෙසයි.
කෙසේ වෙතත් මෙම තීන්දුවට අනුව මෙතෙක් මාලදිවයින් ආණ්ඩුව ක්‍රියාකර නොමැත.
මෙම තත්ත්වය තුළ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යාමීන් ධූරයෙන් ඉවත්කිරීමට එරට ශ්‍රේෂඨාධිකරණය සූදානම් වන බව ත් අධිකරණයේ නියෝගයට අනූකූලව කටයුතු නොකරන ලෙසත්, එරට නීතිපතිවරයා ආරක්ෂක අංශවලින් ඉල්ලා තිබේ.