පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතන 24ක බැංකු ගිණුම් අත්හිටුවීම යළි දීර්ඝ කෙරේ

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතන 24ක බැංකු ගිණුම් අත්හිටුවීම යළි දීර්ඝ කෙරේ

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතන 24ක බැංකු ගිණුම් අත්හිටුවීම යළි දීර්ඝ කෙරේ

කර්තෘ Sagarika Chathumali

01 Feb, 2018 | 10:13 pm

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ආයතන 24ක බැංකු ගිණුම් අත්හිටුවීමේ තීරණය දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් අද දින කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව යි.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හෝ ඒ වෙනුවෙන් කටයුතු කරන වෙනත් පාර්ශව මහ බැංකු බැඳුම්කරයෙන් අයථා ලෙස උපයන ලද මුදල් වෙනත් පාර්ශවයක් වෙත ගලා යෑම වැළැක්වීමේ අරමුණින් නීතිපතිවරයා මෙම ඉල්ලීම කළ බවයි.

අදාළ ගිණුම් අත්හිටුවීමේ තීන්දුව දින තිහක් සඳහා වලංගු වන අතර එය නැවත අලුත් කිරීමේ හැකියාව ද පවතී.

බැඳම්කර ගනුදෙනුවෙන් රජයට අහිමිවු මුදල් නැවත අය කරගැනීමේ කටයුතු මෙන්ම ඊට සම්බන්ධ වුවන්ට දඬුවම් ලබාදීමට ගෙන යන වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය මෙම තීන්දුව තුළින් තහවුරු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.