36 වසරකට පසු අම්මා සොයා ලංකාවට එන බ්‍රිතාන්‍යයේ පුතු

36 වසරකට පසු අම්මා සොයා ලංකාවට එන බ්‍රිතාන්‍යයේ පුතු

By Hashini De Mel

02 Jan, 2018 | 10:39 pm

ෂෙරී ඇචේසන්ට ඇයගේ මව සොයාදීමේ නිව්ස්ෆස්ට් ක්‍රියාන්විතය ඔබට මතක ඇති.

එහි අතිසාර්ථක අවසානයත් සමග ලෝකයේ දස දෙසින් අපට වෙත එවැනි ඉල්ලීම් ලැබෙන්නට විය.

මේ එලෙස ලැබුණු රොහාන්ගේ කතාවයි,

රොහාන් වැන්ඩර් හෑව් මේවනවිට එක්සත් රාජධානියේ බෙල්ෆාස්හී සිටින වෘත්තීයමය ඡයාරූප ශිල්පියෙකි.

සිය ඉන්දීය ජාතික බිරිඳත් පුංචි දරු දෙදෙනාත් සමග රොහාන් මේවනවිට සොයමින් සිටින්නේ රෝහිතගේ අතිත කතාවයි.

ඒ, අන් කිසිවෙක් නොවේ ශ්‍රී ලංකාවේදී උපන් රොහාන්ට සිය මවදී ඇති නාමය රෝහිතයි.

ඔහු තෙමසක බිළිඳෙකුව සිටියදී හදාවඩා ගැනීම සඳහා නෙදර්ලන්ත ජාතික යුවලක් වෙත ලබාදී තිබේ.

රොහාන් සතුව මේවනවිට පවතින ශ්‍රී ලංකාවේ උප්පැන්න සහතිකයට අනුව ඔහුගේ නම රෝහිත වන අතර ඔහු උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී උපත ලබා ඇත.

ඒ, 1982 ජනවාරි මස 30 වෙන දා යි.

ඔහුගේ මව ලෙස සඳහන් වන්නේ, සිංගප්පුලිගේ ගර්ට් රෝහිණි යන නම වන අතර ඇය 1962 අගෝස්තු 30 වන දා උපත ලබා ඇති බව සඳහන් වේ.

ඇය උපන් ස්ථානය මිනුවන්ගොඩ බවත්, රොහාන් උපත ලබන අවස්ථාවේ ඇගේ වයස අවුරුදු 20 ක් බවත් එහි සඳහන් විය.

එම උප්පැන්න සහතිකයේ දැනුම් දෙන්නාගේ නම ලෙස ක්‍රිස්ටේටා රත්න කුමාරී ක්‍රිස්ටෝපර් යනුවෙන් සඳහන් ව ඇත.

රොහාන් පැවසූවේ, ඔහුව වත්තල නායකන්ද පිහිටි යහපත් එඩේරාගේ කන්‍යාරාමය මගින් හදාවඩා ගැනීම සඳහා ලබාදී ඇති බවයි.