ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ජනපති හමුවෙයි

ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ජනපති හමුවෙයි

කර්තෘ Hashini De Mel

30 Jan, 2018 | 9:15 pm

ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පිරිසක් අද පෙරවරුවේ ජනපති හමුවිය.

ආසියානු සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳ කණ්ඩයමේ නායක ශාත්‍රපති සිවාජී මහතා ඇතුළු දූත පිරිස අද පෙරවරුවේ මෙම හමුවට එක් වුයේ ජනාධිපති නිල නිවසේදී ය.

වාරිමාර්ග ක්ෂේත්‍රයේ සංවර්ධනය මෙන් ම විශේෂයෙන් ග‍්‍රාමීය දිළිඳු ජනතාව නගා සිටුවීමේ අරමුණින් කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන සහය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද ඔවුන් ප්‍රකාශ කළ හ.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගාසිටුවීම පිළිබඳව ද රජය විශේෂ අවධානයකින් කටයුතු කරන අතර දේශීය කර්මාන්ත වර්ධනය කර ගැනීම තුළින් අපනයන හැකියාව ඉහළ නැංවීම අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ සඳහා සහය ලබාදෙන ලෙස ද ආසියානු සංවර්ධන බැංකු සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]