නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය අද ක්‍රියාත්මකයි

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය අද ක්‍රියාත්මකයි

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය අද ක්‍රියාත්මකයි

කර්තෘ Hashini De Mel

28 Jan, 2018 | 8:43 am

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය අද ක්‍රියාත්මක බව තැපැල් දෙපාර්තමේන්තුව පවසා තිබේ.

තැපැල්පති රෝහණ අබේරත්න මහතා ප්‍රකාශ කළේ, සියලු සේවකයින් ඒ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

ලබන 04 වන දා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට හැකිවනු ඇතැයි ද තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ ය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 15 ක් මේ වන විට බෙදාහැර අවසන් බව ද තැපැල්පති රෝහණ අබේරත්න මහතා ප්‍රකාශ කළේ ය.

පසුගිය 25 සහ 26 තෙදින තැපැල් ඡන්ද භාවිත නොකළ පුද්ගලයින්ට ලබන එක සහ දෙක දෙදින ඒ සඳහා අවස්ථාව හිමිවන බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ය.