70 වැනි නිදහස් උත්සවයේ පෙරහුරු හේතුවෙන් ගාලුමුවදොර පිටිය ආශ්‍රිතව අද සිට විශේෂ රථවාහන සැලැස්මක්

70 වැනි නිදහස් උත්සවයේ පෙරහුරු හේතුවෙන් ගාලුමුවදොර පිටිය ආශ්‍රිතව අද සිට විශේෂ රථවාහන සැලැස්මක්

70 වැනි නිදහස් උත්සවයේ පෙරහුරු හේතුවෙන් ගාලුමුවදොර පිටිය ආශ්‍රිතව අද සිට විශේෂ රථවාහන සැලැස්මක්

කර්තෘ Chathuranga Rajapaksha

27 Jan, 2018 | 8:40 am

70 වැනි ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු අද ආරම්භ වේ.

පොලීසිය පැවසුවේ එය අද සහ හෙට යන දිනවල මෙන්ම ලබන 31 සිට පෙබරවාරි තුන්වැනිදා දක්වා කොළඹ ගාලුමුවදොර පිටිය ආශ්‍රිතව පැවැත්වෙන බව ය.

ඒ, හේතුවෙන් ගාලුමුවදොර ආශ්‍රිත විශේෂ රථ වාහන සැලැස්මක් අද සිට ක්‍රියාත්මක වේ.

ඒ, අනුව අද පෙරවරු 6 සිට දහවල් 12 දක්වා කොල්ලුපිටිය මංසන්ධියේ එන්.එස්.ඒ. වටරවුම දක්වා ගාලුපාර වසා තැබෙනු ඇති.

එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන පොලීසිය රියැදුරන්ට දැනුම් දෙන්නේය.

මේ අතර 70 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ලබන පෙබරවාරි 1 වැනි දා සිට 7 වැනිදා දක්වා සෑම කාර්යාලයකම, නිවසක ම , සියලුම ව්‍යාපාරික ස්ථානවල ජාතික ධජය ඔසවන ලෙස ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ජනතාවට දැනුම් දෙනු ලැබේ.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනය මහතා පැවසුවේ 70 වැනි නිදහස් සමරු උළෙල ලබන පෙබරවාරී 04 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතගේ සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගිත්වයෙන් ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ය.

මෙවර උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් එලිසබෙත් මහ රැජිණගේ බාල ප්‍රත්‍රයා වූ එඩ්වර්ඩ් කුමරු සහභාගිවීමට නියමිතව තිබේ.

මෙම උත්සව අවස්ථාවට දෙස් විදේස් ආරාධිතයින් 3500ක් පමණ සහ මහජනතාව ද සහභාගිවීමට නියමිත බව අමාත්‍යවරයා පවසයි.

මෙවර නිදහස් දින තේමාව ” එකම දැයක්” වන අතර 70 වැනි නිදහස් දිනය වෙනුවෙන් විශේෂ ලාංඡනයක් නිර්මාණය කර ඇති අතර සමරු මුද්දරයක් ද නිදහස් දිනයේ නිකුත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]