දුම්රිය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් සති අන්තයේ දුම්රිය ධාවනයට බාධා

දුම්රිය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් සති අන්තයේ දුම්රිය ධාවනයට බාධා

දුම්රිය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් සති අන්තයේ දුම්රිය ධාවනයට බාධා

කර්තෘ Chathuranga Rajapaksha

27 Jan, 2018 | 9:24 am

දුම්රිය රියැදුරන් සහ නියාමකයන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද පෙරවරුවේ චීන මැදිරි සහිත දුම්රිය ගමන්වාර 3ක් අවලංගු කර තිබේ.

දුම්රිය පාලක මැදිරියේ පැවසුවේ අද උදෑසන 6.05 ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ – මඩකලපු දුම්රිය, පෙරවරු 6.10 ට මඩකලපුව සිට කොළඹ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සහ අද පෙරවරු 8.50 ට කොළඹ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රියන් එලෙස අවලංගු කර ඇති බව ය.

මේ අතර දුම්රිය රියැදුරන් සහ නියාමකයන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා පැවසුවේ ගැටලු සඳහා විසඳුම් ලබාදෙන තුරු අඛණ්ඩව චීන දුම්රිය මැදිරි ධාවනයෙන් ඉවත්ව ඇති බව ය.

මේ පිළිබඳව කළ විමසුමකදී ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතා පැවසුවේ අදාළ කරුණු පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බව ය.

අදාළ කමිටුවේ නිර්දේශ මෙතෙක් ලැබී නොමැති බව ලේකම්වරයා සඳහන් කළේය.

ලේකම්වරයා පැවසුවේ එම නිර්දේශ ලද වහා ගැටලු විසඳීමට පියවර ගන්නා බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]