බැඳුම්කර කොමිසමට ඉදිරිපත් වූ ලේඛන, සාක්ෂි සටහන් සහ භාණ්ඩ නීතිපති දෙපාර්තමේන්තුවට

බැඳුම්කර කොමිසමට ඉදිරිපත් වූ ලේඛන, සාක්ෂි සටහන් සහ භාණ්ඩ නීතිපති දෙපාර්තමේන්තුවට

බැඳුම්කර කොමිසමට ඉදිරිපත් වූ ලේඛන, සාක්ෂි සටහන් සහ භාණ්ඩ නීතිපති දෙපාර්තමේන්තුවට

කර්තෘ Sakila Udayakumara

26 Jan, 2018 | 7:38 am

බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමට ඉදිරිපත් වූ ලේඛන, සාක්ෂි සටහන් සහ භාණ්ඩ අද දිනය තුළ තමන් වෙත ලැබීමට නියමිත බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා පවසයි.

නීතිපතිවරයා ප්‍රකාශ කළේ, මේ සඳහා සිව් පුද්ගල විශේෂ කමිටුවක් ද පත් කර ඇති බව ය.

එම කමිටුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙක්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු සහ රජයේ නීතිඥවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත ය.

අදාළ කටයුතු සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව සොයා බැලීමට පියවර ගන්නා බව ද නීතිපතිවරයා සඳහන් කළේ ය.

පරීක්ෂා කිරීම්වලින් පසු කමිටුව ලබා දෙන මූලික කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව නීතිපතිවරයා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]