ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තැබෙයි

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තැබෙයි

කර්තෘ Hashini De Mel

25 Jan, 2018 | 11:26 am

මෙරටට පැමිණ සිටින ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව ඊයේ පස්වරුවේ සිදු විය.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, දුම්රිය කේෂ්ත්‍රයේ සංවර්ධන සහ අධ්‍යාපන කේෂ්ත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව මෙහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා පවසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව තුළ දුම්රිය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව ද සොයා බලන බව මෙහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා පවසා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ආර්ථික සහයෝගිතාව වර්ධනය, පුද්ගල සහ ආයතනික ධාරිතා වර්ධනය සහ ඉන්දියානු ශාන්තිකර සහයෝගිතාව වර්ධනය කර ගැනීම යන කේෂ්ත්‍රයන් ඔස්සේ මෙම සාකච්ඡා පැවති බවයි.

මෙම නිල හමුවේදී අවබෝධතා ගිවිසුම් 03කට ද අත්සන් තබා තිබේ.

උසස් අධ්‍යාපන,පර්යේෂණ හා තාක්ෂණික සහයෝගිතාව, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මැඩලීම සහ සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් යන කේෂ්ත්‍රයන් ඊට අයත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]