සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබෙයි

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබෙයි

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබෙයි

කර්තෘ Hashini De Mel

23 Jan, 2018 | 8:09 pm

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලුන්ග් මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

ඒ, ජනාධිපති කාර්යාලයේදී යි.

අද පෙරවරුවේ සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිස පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

ආචාර වෙඩිමුර සහිත හමුදා උත්තමාචාරයක් ද පිරිනැමුණු අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ඇරඹුනේ ඉන් අනතුරුව වේ.

මෙහිදී සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ කටයුතු ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙනයාමේ අරමුණින් නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබිණි.

ඊට අත්සන් තැබුවේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ සිංගප්පුරු රජය වෙනුවෙන් එරට වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊශ්වරන් යන මහත්වරුන් ය.

මෙම ගිවිසුම තුළින් වෘත්තීය පුහුණු, නව රැකියා අවස්ථා සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍ර සඳහා සිංගප්පුරුවෙන් මෙරටට ලබාදෙන සහය තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර ගැනෙනු ඇති.

මේ අතර සෞඛ්‍ය සංචාරක, අන්තර්ඡාල පාදක වාණිජ කටයුතු, බලශක්ති ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් දෙරට අතර ආර්ථික සහයෝගිතව වර්ධනය කර ගැනීම සඳහා මෙහිදී නායකයින් දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.