පොලීසියට භාර වූ ඌව මහ ඇමතිට අධිකරණයෙන් ඇප

පොලීසියට භාර වූ ඌව මහ ඇමතිට අධිකරණයෙන් ඇප

කර්තෘ Hashini De Mel

23 Jan, 2018 | 7:17 pm

විදුහල්පතිනියක දණ ගැස් වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට භාර වූ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ව අද පස්වරුවේ අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබේ.

පොලීසියට භාර වූ ඌව ප්‍රධාන අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව බදුල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා හමුවට ඉදිරිපත් කළේ ය.

මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ, ප්‍රධාන අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසයි.

මැයි මස 16 වන දා යළි අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ ය.