අමෙරිකානු ආණ්ඩුවේ මුල්‍ය අර්බුදය අවසන්

අමෙරිකානු ආණ්ඩුවේ මුල්‍ය අර්බුදය අවසන්

අමෙරිකානු ආණ්ඩුවේ මුල්‍ය අර්බුදය අවසන්

කර්තෘ Sagarika Chathumali

23 Jan, 2018 | 8:48 am

රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් සභිකයින්ගේ මැදිහත් වීමෙන් අමෙරිකානු ආණ්ඩුවේ උද්ගතව පැවති මුල්‍ය අර්බුදය අවසන් වී තිබේ.

පැවති මූල්‍ය අර්බුදය අවසන් වූයේ, තාවකාලික අරමුදල් පනත් කෙටුම්පත අනුමත කිරීම සඳහා රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් සභිකයින් සිය ඡන්දය ලබාදීමෙන් අනතුරුවයි.

පිටුවහල් කරන ලද තරුණ සංක්‍රමණිකයින් ආරක්ෂා කිරීමේ වැඩසටහනක් සඳහා රිපබ්ලිකානුවන් සහයෝගය දැක්වීම හමුවේ ඩිමොක්‍රටික් සභිකයින් සිය එකඟතාව පළ කළ බව සෙනෙට් සභික චක් ෂුමර් කියා සිටියේ ය.

ඩිමොක්‍රටික් සභිකයින් සිය ජන්දය ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණේ, අමෙරිකාවේ හිටපු ජනපති බැරක් ඔබාමා යුගයේ ඇරඹි එම වැඩසටහන සඳහා රිපබ්ලිකන් සභිකයින් සහයෝගය නොදැක්වීම හමුවේ යි.

ඒ අනුව පසුගිය සිකුරාදා සිට ඇණහිට පැවති අමෙරිකාවේ රාජ්‍ය කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙන බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

ආණ්ඩුවේ වියදම්වලට අදාළ පනත් කෙටුම්පතක් සෙනෙට් සභාවේ දී පරාජයට පත්වීමත් සමඟ ඇමෙරිකානු ෆෙඩරල් ආණ්ඩුවේ බොහෝ ආයතන අකර්මන්‍ය විය.

එම අර්බුදය පැන නැගුනේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ව්‍යවස්ථාදායකය වන අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට යොමු කරන ලද මූල්‍ය පනත් කෙටුම්පත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ වැඩි ඡන්දයෙන් සම්මත වුව ද එය සෙනේට් සභාවේදී එය පරාජයට පත් වීමෙනි.