රේගුව භාරයේ තිබු නීති විරෝධි භාණ්ඩ තොගයක් ප්‍රසිද්ධියේ විනාශ කෙරේ

රේගුව භාරයේ තිබු නීති විරෝධි භාණ්ඩ තොගයක් ප්‍රසිද්ධියේ විනාශ කෙරේ

කර්තෘ Hashini De Mel

22 Jan, 2018 | 9:20 pm

ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබු රුපියල් ලක්ෂ 310 ක් වටිනා නීති විරෝධි භාණ්ඩ තොගයක් අද ප්‍රසිද්ධියේ විනාශ කර තිබේ.

මෙම භාණ්ඩ තොගය විනාශ කිරීම සිදු කෙරුණේ ඔරුගොඩවත්ත මධ්‍යම රේගු භාණ්ඩ අංගනයේදී ය.

මෙහිදී පිළිකා කාරක සෙල්ලම් බඩු , ව්‍යාජ මෝටර් රථ අමතර කොටස් සහ ජංගම දුරකතන අමතර කොටස් මෙලෙස විනශ කෙරිණි.

නීති විරෝධී අපනයන අධෛර්යමත් කිරීම මෙම භාණ්ඩ විනාශ කිරීමේ අරමුණ වේ.

ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක, සුනිල් ජයරත්න

[quote]මේ භාණ්ඩ නිරන්තරයෙන් ම වෙළෙඳපොළේ ගොඩගහලා තියෙන භාණ්ඩ, මෙම භාණ්ඩ ඇත්ත වශයෙන් ම පිළිකා කාරක භාණ්ඩ. මේ පාසල්වල පරිහරණය කරන කවකටු පෙට්ටි, පැන්සල් පෙට්ටි මේවා ඉතමත් බාල වර්ගයේ ප්ලාස්ටික් යොදාගෙන විස සහිත ප්ලාස්ටික් වර්ගවලින් තමයි නිෂ්පදනය කරලා තියෙන්නේ. 2017 වසරේ අවසාන කාලයේ අත්අඩංගුවට ගත් දේවල් මේ. ඔබගේ අයිතීන් උල්ලංඝනය වෙනවානම්, ඔබගේ මුල් නිෂ්පාදනවලට හානි කරන දේවල් ශ්‍රී ලංකාවට ආනයනය කරනවා නම් ඒ සම්බන්ධයෙන් ඔබට පුළුවන් ඉදිරිපත් වෙන්න. අපි හැමවේලේ ම ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා ඔබේ අයිතීන ආරක්ෂා කරන්න[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]