පුත්තලම, තිල්අඩියේ නිවසක කාන්තා මළ සිරුරක්

පුත්තලම, තිල්අඩියේ නිවසක කාන්තා මළ සිරුරක්

කර්තෘ Sagarika Chathumali

22 Jan, 2018 | 11:11 am

පුත්තලම, තිල්අඩිය, රත්මල්යාය ප්‍රදේශයේ නිවසක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.

මියගොස් ඇත්තේ, 61 හැවිරිදි කාන්තාවකි.

පොලීසිය පැවසුවේ ඇය නිවසේ මුල්තැන් ගෙයි ලේ සහිතව වැටී සිට ඇති බවයි.

මිය ගොස් ඇති කාන්තාව, සිය සහෝදරිය සමග එම නිවසේ පදිංචිව සිට ඇති අතර මීට දින කිහිපයකට පෙර සහෝදරිය ඥාති නිවසකට පිටත්ව ගොස් ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.