
2017 අපොස උ/පෙළ විශිෂ්ටයින් ජනපතිගේ ඇගයීමට ලක්වෙයි
2017 අපොස උ/පෙළ විශිෂ්ටයින් ජනපතිගේ ඇගයීමට ලක්වෙයි
By Hashini De Mel
2017 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමස්ත ලංකා මට්ටමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ මාතර දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඇගයීමට ලක් විය.
උසස් පෙළ විභාගයට පෙනී සිටි ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත්, දිලිනි සඳුනිකා පලිහක්කාර, වානිජ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනු එස්. ඒ. දුලානි රසන්තිකා, කලා අංශයෙන් දිවයිනේ සිව් වන ස්ථානය දිනාගත් උචිනි ෂිහාරා සුරියආරච්චි යන සිසුවියන් ද අද ජනාධිපතිතුමා හමු විය.
ඉංජිනේරු තාක්ෂණවේද විෂයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලැබූ පාරමී ප්‍රසාදි රන්සිරිනි හෙට්ටිආරච්චි හා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනු බි. ඒ. හසිත් පුන්සර යන සිසුන් ද මෙම අවස්ථාවට එක් විය.