අනුරාධපුර වනජීවි නියාමකයින් වන අලි පලවා හැරීමෙන් ඉවත් වෙයි

අනුරාධපුර වනජීවි නියාමකයින් වන අලි පලවා හැරීමෙන් ඉවත් වෙයි

අනුරාධපුර වනජීවි නියාමකයින් වන අලි පලවා හැරීමෙන් ඉවත් වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

20 Jan, 2018 | 7:32 am

අනුරාධපුර කලාපයේ වනජීවි නියාමකයින් වන අලි පලවා හැරීමෙන් ඉවත්වීම ඇතුළුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති එම්.අයි.ඩබ්. පීරිස් මහතා පැවසුවේ හදීසි වැටලීමකදී වනජීවි නිලධාරීන්ට පහර දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව ය.

මේ සම්බන්ධයෙන් හබරණ පොලීසියෙන් අප කළ විමසීමකදී එහි නිලධාරියෙකු පැවසුවේ අදාළ වනජීවි නිලධාරීන්ට පහරදුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර ඇති බව ය.

එම වනජිවි නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී සිටීම හේතුවෙන් මේ තත්ත්වය මතුව ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]