2015 – 2016 විදුලිය බිඳවැටීම් ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රකාශයක්

2015 – 2016 විදුලිය බිඳවැටීම් ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රකාශයක්

කර්තෘ Hashini De Mel

16 Jan, 2018 | 9:03 pm

ආසියානු සංවර්ධන බැංකුව විසින් 2015 – 2016 වසර තුළදී මෙරට මාස 7ක් ඇතුළත සිදු වූ දිවයින පුරා විදුලිය බිඳවැටීම්වලට හේතු ප්‍රකාශයට පත් කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවට අනුව විදුලි ආරක්ෂක පද්ධතියේ දුර්වල මෙහෙයුම් ක්‍රියාකාරිත්වය, දුර්වල නම්‍යශීලිභාවය හා සම්ප්‍රේෂණ පද්ධතියේ පවතින ගැටලු එම විදුලි බිඳවැටීම්වලට හේතුවී තිබේ.

ඊට අමතරව සම්ප්‍රේෂණ, මධ්‍යම වෝල්ටීයතා පද්ධතිය සහ විදුලි ආරක්ෂක පද්ධතියට අඩුවෙන් ආයෝජනය කිරීම සහ ලංකා විදුලි බල මණ්ඩලයේ දුර්වල ආර්ථික තත්ත්වය එම බිඳවැටීම්වලට තව ත් හේතු බවට ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කර ඇත.

මෙරට විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ වර්ධනය සහ දියුණු කිරීම සඳහා උපදේශන ආයතන දෙකක සේවය ලබා ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක දීමනාවක් ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙනු ඇති.

එම ව්‍යාපෘතිය මාර්තු මස ආරම්භ කර ලබන වසරේ පෙබරවාරි මස අවසන්වීමට නියමිත වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]