නීති විරෝධි විදේශීය මත්පැන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධි විදේශීය මත්පැන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධි විදේශීය මත්පැන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Hashini De Mel

13 Jan, 2018 | 2:16 pm

පිටකොටුව ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස විදේශීය මත්පැන් සහ දුම්වැටි තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙ‍දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන් සන්තකයේ තිබී විදේශීය මත්පැන් බෝතල් 108 ක් විදේශීය දුම්වැටි 9,000 ක් හා ඒවා ප්‍රවාහනය
සඳහා යොදා ගත් ජීප් රථයක් ද සිය භාරයට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස 36 හා 50 හැවිරිදි දර්ගා නගරයේ හා කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවන්  දෙදෙනෙකි.

ඔවුන් අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]