TV1 නාලිකාවට වසර දෙකක් සපිරෙයි

TV1 නාලිකාවට වසර දෙකක් සපිරෙයි

By Hashini De Mel

Jan 21, 2018 | 10:30 pm

අපගේ සහෝදර TV1 නාලිකාව ආරම්භ කර අද ට වසර දෙකක් සපිරෙනු ඇති.

දෙවැනි සංවත්සරය සමරමින් අද පෙරවරුවේ බදුල්ලේදී විශේෂ උත්සවයක් පැවැත් විය.

‘රැස් විහිදෙන ජීවිතේ’ යන්න තේමා කර ගනිමින් මීට වසර දෙකකට පෙර අද වැනි දිනෙක සන්ද්‍යාවේ 5.04ට යෙදුණු සුබ මොහොතින් මෙරට ප්‍රේක්ෂක ජනතාව අතරට ආ TV1 මේ වසර දෙක තුළ නව ටෙලිවිෂන් යුගයක ආරම්භ සටහන් කර අවසන් ය.

සීමාසහිත කැපිටල් මහරාජා ආයතනයේ MTV- MBC මාධ්‍ය ඡාලයේ සාඩම්බර සාමාජිකයෙකු ලෙස ජනප්‍රසාදයට පත් TV1 නැවුම් ආරක වැඩසටහන් පෙළක් සමග ඉදිරියට යමින් සිටිනු ඇති.

වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙටර රූපවාහිනි වංශ කතාවට නවතම අත්දැකිමක් වූ TV1 දෙවැනි සංවත්සරය රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අද සැමරුවේ ය.

TV1 දෙවැනි සංවත්සරයට සමගාමීව බදුල්ලේ ඉදිකෙරුණේ ලෝකයේ ප්‍රථම සහ එකම හරිත පුස්තකාලය යි.

එය අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ විද්‍යුත් මාධ්‍ය ව්‍යාපාර සමූහ අධ්‍යක්ෂක, නීඩ්‍රා වීරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ය.

මෙම හරිත පුස්තකාලය ඉදි කෙරුණේ බදුල්ල මහ නගර සභාවේ පූර්ණ සහයෝගයෙන් සහ සම්-සම් පදනමේ මූල්‍ය දායකත්වයෙනි.