ජී. කේ උපාලි චන්ද්‍රසේන නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායක ධූරයට

ජී. කේ උපාලි චන්ද්‍රසේන නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායක ධූරයට

By Hashini De Mel

Jan 18, 2018 | 12:17 pm

රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ රංජිත් සොයිසා මහතා එම ධූරයෙන් ඉවත් කර තිබේ.

ඒ අනුව නව ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ, ජී.කේ උපාලි චන්ද්‍රසේන මහතා ය.

ඔහු අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපිය ලබාගෙන ඇත.