විදුලි සේවකයින් අද උදෑසන සිට වර්ජනයක

විදුලි සේවකයින් අද උදෑසන සිට වර්ජනයක

By Hashini De Mel

Jan 18, 2018 | 6:42 am

අද පෙරවරු 9.00 සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසා තිබේ.

ඒ ඊයේ දිනයේ විරෝධතාවයේ නිරත සේවකයින්ට පොලීසිය කළ පහරදීමකට විරෝධය පළ කරමිනි.

නීති විරෝධී වැටුප් වැඩි කිරීමක් නීත්‍යනුකූල කිරීමට දරන උත්සාහයකට විරෝධය පළ කරමින් විදුලිබල මණ්ඩල සේවකයින් ඊයේ පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කළහ.

අනතුරුව ඔවුන් විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලයට ඇතුලුවී සභාපතිවරයා සිය ග්‍රහණයට ගත් අතර සභාපතිවරයා මුදාගැනුනේ කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙනි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, අඛණ්ඩ වර්ජනයක් සම්බන්ධයෙන් මෙතෙක් නිල දැනුම්දීමක් කර නොමැති බවයි.

[youtube url=”www.youtube.com/watch?v=8IyV5WprC3w&feature=youtu.be” width=”560″ height=”315″]