උත්තරීතර පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය කෙළෙසූ ජනතා නියෝජිතයින්.? (Special Report)

උත්තරීතර පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය කෙළෙසූ ජනතා නියෝජිතයින්.? (Special Report)

By Sakila Udayakumara

Jan 11, 2018 | 8:35 pm

අපේ රටේ පාර්ලිමේන්තුව සැබවින්ම උත්තරීතර ද?

එය අපේ රටේ ජනතාව තුළ දැන් පැන නගින ගැටලුවක් වී හමාර යි.

ඒ, ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධියත් සමගිනි.

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු එක් පසකින් ‘මහින්ද හොරා’ යනුවෙන් කෑ ගසද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අනෙක් පසින් ‘රනිල් හොරා’ යනුවෙන් කෑ ගසන අයුරු අපට දක්නට ලැබිණි.

අනතුරුව පාර්ලිමේන්තුවේ ඇති වූ මෙම උණුසුම්කාරී තත්ත්වය ගැටුම්කාරී තත්ත්වයක් බවට වර්ධනය විය.

පාර්ලිමේන්තුවේ මෙම තත්ත්වය ඇති වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට යාමත් සමගිනි.

කෙසේ වෙතත් බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව තවත් සතියකින් සභා ගත කරන බවට ජනාධිපතිවරයා දැනුම් දුන් බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භයේදී ම මැති ඇමතිවරුන්ට දැනුම් දුන්නේ ය.

ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, ඊයේ ඇති වූ මෙම තත්ත්වයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනා කළ නොහැකි බවත් සිද්ධිය සිදුවන අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පමණක් පාර්ලිමේන්තුවේ සිටි බවත් මෙම සිද්ධියට ඔවුන් සම්බන්ධ නොවූ බවත් ය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ යම් සැලසුමකට අනුව ඊයේ තත්ත්වය ඇති වූ බව ය.

කෙසේ වෙතත් ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ හෝ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සම්බන්ධ වීමක් දක්නට නොලැබිණි.

ඊයේ ඇති වූ සිද්ධියට වගකිව යුත්තේ කවුද?

නිව්ස්ෆස්ට් විශේෂ වාර්තාව පහතින් නැරඹිය හැකි ය.

[youtube url=”www.youtube.com/watch?v=fbtkny_UNFo” width=”560″ height=”315″]