රථ වාහන ප්‍රවාහන නෞකාවක බහුදින ධීවර යාත්‍රාවක් ගැටීමෙන් දෙදෙනෙකු මරුට: අයෙක් අතුරුදන්

රථ වාහන ප්‍රවාහන නෞකාවක බහුදින ධීවර යාත්‍රාවක් ගැටීමෙන් දෙදෙනෙකු මරුට: අයෙක් අතුරුදන්

කර්තෘ Sakila Udayakumara

10 Jan, 2018 | 8:56 am

දෙවුන්දරට ඔබ්බෙන් වූ  මුහුදේ රථ වාහන ප්‍රවාහන නෞකාවක බහුදින ධීවර යාත්‍රාවක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් එක් අයෙකු අතුරුදන්ව තිබේ.

නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ, දෙවුන්දරට මුහුදු සැතපුම් 13ක් දුරින් අනතුර සිදුව ඇති බව ය.

බහුදින ධීවර යාත්‍රාවේ සිටි 3 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ, අතුරුදන් වූ ධීවරයා සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක බව ය.

ඒ සඳහා ඩෝරා යාත්‍රා 2ක් යොදවා තිබේ.

අදාළ වාහන ප්‍රවාහන නෞකාව චෙන්නායි සිට කොළඹ වරායට සේන්දු වී හම්බන්තොට වරාය බලා යාත්‍රා කරමින් තිබිණි.

අනතුරට පත් බහුදින ධීවර යාත්‍රාව ඉකුත් 5 වන දා හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]