යාලේ සෆාරි ජීප් රථ සෙල්ලම සහ සංචාරක කර්මාන්තය (OPINION)

යාලේ සෆාරි ජීප් රථ සෙල්ලම සහ සංචාරක කර්මාන්තය (OPINION)

යාලේ සෆාරි ජීප් රථ සෙල්ලම සහ සංචාරක කර්මාන්තය (OPINION)

කර්තෘ Kumudu Jayawardana

10 Jan, 2018 | 8:18 pm

පසුගිය දශකය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, 2008 වසරේදී සංචාරකයින් 43,368 සිට 2016 දී 658,277 දක්වා එය ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක දත්ත අනුව වාර්තා වී තිබේ. කෙසේ වෙතත්, දුර්වල අපද්‍රව්‍ය කළමනාකරණයට සමගාමීව වර්ධනය වන සංචාරකයින් සංඛ්‍යාව හේතුවෙන් මේ වන විට පරිසර දූෂණය සහ සතුන්ට වන පීඩා සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ.

යාල ජාතික වනෝද්‍යානයට වැඩි සංචාරක ආකර්ෂණයක් දීම සඳහා වන ගැටලු අවම කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් පත් කරන ලද බහු පාර්ශ්වකරුවන්ගේ කමිටුවක් මගින් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඇත. ආචාර්ය පිලපිටිය එම කමිටුවේ ප්‍රධානියා විය. මෙහිදී අනාවරණය කෙරුණු හදිසියේ සිදුවූ ජීප් රථවල අඩුවීමට සමාජමය හෝ දේශපාලනිකව විසඳිය නොහැකි බව ය. ඒ අනුව එය ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේ ය.

එම ක්‍රියාකාරී සැලැස්ම නොසලකා ජීප් රථ 150 ක් දක්වා සීමා කිරීමට 2017 ඔක්තෝබර් 18 දින වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා යෝජනා කළේය. එහෙත්, ජීප් රථ රියැදුරන්ගේ බලපෑම්වලට හිස නමමින් දින 21 කට පසු එනම්, 2017 නොවැම්බර් 8 දින ජීප් රථ 500 ක් දක්වා ඉහළ දැමීමට අමාත්‍යවරයා නියෝග කළේ ය. වන සංරක්ෂකවාදීන් බොහෝ දෙනෙකු තර්ක කළේ, ජීප් රථ 500 සීමාවක් නොවන බවයි. සාමාන්‍ය දෛනික අමුත්තන්ගේ සංඛ්‍යාවට වඩා එම සීමාව ඉක්මවා ඇතැයි ඔවුහු තර්ක කළහ. මේ වන විට යාල වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයේ සෆාරි ජීප් රථ 700ක් පමණ වේ.

මේ අතර, අග්‍රමාත්‍යවරයාගේ නායකත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා නොවැම්බරයේ අවසානය වන තෙක් දිනකට ජීප් රථ 300ක් දක්වා සීමා විය. අග්‍රාමාත්‍යවරයා මෙම සීමාව පැනවූයේ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුළු කිහිප දෙනෙකු එය 500ක් දක්වා වැඩි කළ යුතු බව පවසද්දී යි.

කෙසේ වෙතත්, මෙම සීමාව ඉක්මවීමට (හෝටල් හිමියන් ඇතුළු) විවිධ පාර්ශව උත්සහ කරමින් සිටින අතර ජීප් රථ සංඛ්‍යාවේ සීමා ඉහළ යනු ඇත.

එක් ජීප් රථ රියැදුරෙකුගේ අදහස වූයේ: “දැන් ඡන්දෙනෙ මිස්. ජීප් ගණන වැඩි කරලා. කිසිම සැලැස්මක් නෑ හරියට” යන්න ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]