බැඳුම්කර වාර්තාව තවත් සතියකින් ලබා දෙන බවට ජනපති කථානායකට දැනුම් දෙයි

බැඳුම්කර වාර්තාව තවත් සතියකින් ලබා දෙන බවට ජනපති කථානායකට දැනුම් දෙයි

කර්තෘ Sakila Udayakumara

10 Jan, 2018 | 11:21 am

බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනපති කොමිසමේ වාර්තාව තවත් සතියකින් ලබා දෙන බවට ජනාධිපතිවරයා දැනුම් දුන් බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

බැඳුම්කර වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් පසු දේශපාලන පක්ෂ ඒ පිළිබඳ විවාදයක් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේ ය.

කෙසේ වෙතත් බැඳුම්කර ගනුදෙනු විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් ජනාධිපතිවරයාගේ දැනුම් දීමත් සමග එය තවත් සතියකින් පාර්ලිමේන්තුවට ලබා දෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]