බැඳුම්කර කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවට

බැඳුම්කර කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවට

බැඳුම්කර කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවට

කර්තෘ Sakila Udayakumara

10 Jan, 2018 | 6:50 am

බැඳුම්කර ගනුදෙනු විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඒ, කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමකදී ය.

බැඳුම්කර ගනුදෙනු විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් පසු දේශපාලන පක්ෂ ඒ පිළිබඳ විවාදයක් ඉල්ලා සිටියේ ය.

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේ ඒ අනුව ය.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා පැවසුවේ, ඊයේ පස්වරුව වන තෙක් අදාළ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ලැබී නොතිබුණු බව ය.

අද උදෑසන එය ලැබුණු පසු සභාගත කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]