පෙරදිග ධාන්‍යාගාරයට මේ සිදු වූයේ, කුමක් ද…?

පෙරදිග ධාන්‍යාගාරයට මේ සිදු වූයේ, කුමක් ද…?

පෙරදිග ධාන්‍යාගාරයට මේ සිදු වූයේ, කුමක් ද…?

කර්තෘ Sagarika Chathumali

10 Jan, 2018 | 9:04 pm

මුතු ඇටයක් තරම් කුඩා වූවාට අතීත හෙළ දරුවන්ගේ ගතේ මෙන් ම සිතේ ද තිබූ ශක්තිය සුළුපටු එකක් නොවුණ බැව් ‘වැව් බැඳි රට’ වටා රවුමක් ඇවිද යන ඕනෑ ම අයෙකුට මනාව වටහා ගත හැකියි.

 

නවීන තාක්ෂණික උපකරණ ද නොපැවති එදා රජ දරුවන් මේ තරම් සුවිසල් වැව් අමුණු තැනුවේ කෙසේ දැයි, අප අද නොසිතිය යුත්තේ, එවැනි දේ සිතීම පවා අද අපට වෙහෙසකාරී බැවිනි.

අද රජරට ගොවීන් ගොවිතැනට ජල බිඳක් නොමැතිව දුක් විඳින්නේ තනා දුන් වැව් අමුණු ටික හෝ කලට වේලාවට පිළිසකර කර ගැනීමට නොහැකි වූ නිසා නොවේ දැයි, ජාතියක් ලෙස අද අප අපෙන් ම ප්‍රශ්න කළ යුතුව ඇත.

එදා රට කළ රජුන් ප්‍රමුඛ හෙළ දරුවන් මහ පොළොව සමග ඔට්ටු වෙමින් වත්මන් ඉන්ජිනේරුවන් පවා පුදුමයට පත් කරවන සුලු තාක්ෂණයක් සහිත මහ වැව් බැන්දේ දිය කෙළීමට නොව රට සහලින් ස්වයංපෝෂිත කර අනාගත දරුවාට ශක්තිමත් රටක් උරුම කර දීම සඳහා යි.

අතීත හෙළ රජු දරුවෝ මව්බිම සහලින් ස්වයංපෝෂණය කළා පමණක් නොව මුළු දේශයට පෙරදිග ධාන්‍යාගාරය ලෙසින් ගෞරව නාමයක් ද අත් කර දුන්හ.

අද වන විට වාරි කර්මාන්තය පමණක් නොව වී ගොවිතැන පෙරටු කර ගත් කෘෂිකර්මාන්තය හා බැඳුණු සංස්කෘතික වටිනාකම් ද අප අතරින් ගිලිහි යමින් තිබේ.

කමත් බස රැකෙන්නට නම් ගොවියා කමතට බැසිය යුතු ය.
කමතට බසින්නට නම් ගොවියා කුඹුරු කරන්නට අවැසි ය.
කුඹුරු කරන්නට ජලය තිබිය යුතු ය.
ජලය රැඳෙන්නට වැව් තිබුණාට පමණක් ප්‍රමාණවත් නැත.
එහි ජලය රැඳෙන්නට  ඉඩක් තිබිය යුතු ය.

අදූර්දර්ශි පාලකින්ගෙන් රට පිරෙද්දි රොන්මඩවලින් වැව් පිරීගොස් ය. දේශයට ජිවය දුන් ඇතැම් වැව්වල මේ වනවිට දක්නට ඇත්තේ, නෂ්ටාවශේෂ පමණි.

දෙ දිනක් අඛණ්ඩව වැසි ඇද හැළුණොත් රටට ගංවතුරින් යටවෙයි.

සති දෙකක් වැසි නොලැබුණොත් රට නියඟෙයෙන් දැවෙයි.

ඒ අතීත ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටාචාරයට කළ හානියෙහි ශාපය නොවේ ද?

“අහසින් වැටෙන එක දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතුයි”

පරාක්‍රම නිරිඳුන් යම් තැනක සිට උපන් දේශය දෙස බලා සිටී නම් ඔහු කළ ඒ ශ්‍රේෂ්ඨ ප්‍රකාශය ගැන අද ඔහු ම කම්පා වනු ඇති.

මන්ද අහසින් වැටෙන දිය බිඳක් රැස් කර ගන්නට නොව අවම වශයෙන් අහිසංක මිනිස් ජීවිත බිලි නොගෙන එම අහස් දියට නිදහසේ මහ මුහුදට ගලා යාමට හෝ නිසි කානු පද්ධතියක් තනා ගැනීමට හෝ රට කරවන සහ රට කළ ඇත්තන්ට නොහැකි වී ඇති හෙයිනි.

පිට රැටියන්ටත් සහල් යැවූ අපට අද රට හාලින් බඩ පුරවා ගන්නට සිදුවීම ගැන ජාතියක් ලෙස අපි කනගාටු විය යුතු නොවේ ද….?

ගොවි ජනතාව වැව් ඉස්මත්තට වී වැස්ස වළාහක දෙවියන්නට කන්නලව් කළාට ඵලක් නැත. බලධාරීන් සීත කාමරවලට වී ජල කළමනාකරණය සඳහා සැලසුම් සැකසුවාට ඵලක් නැත. සිදුවිය යුත්තේ වැව් බැඳි රටේ ඉතිරිව ඇති වැව් කිහිපය හෝ පිළිසකර කිරීමට නිසි ක්‍රමවේදයක් සැකසීම යි.

එම ක්‍රමවේදය රාජගිරියේ ගුවන් පාලම වැනි අර්ථ විරහිත ක්‍රමවේදයක් නොවිය යුතු ය. ඒ සඳහා නිසි වැඩපිළිවෙළක්, පර්යේෂණයක් කළ යුතු ය.

ගම්මැද්ද ගමෙන් ගමට – වැවෙන් වැවට ජාතික ක්‍රියාන්විතයේ අරමුණ එය යි.

25399144_1626008070788766_1095906500948512594_n 25446323_1626007960788777_2911584886665266106_n 25552104_1626008184122088_329921703158412542_n 26167784_1642264975829742_1836350102691340895_n 26195375_1643398289049744_4390890028156066006_n 26195481_1642265062496400_5074170083590813171_n 26195696_1642264972496409_3167738649808449944_n 26196215_1642426782480228_6837628203248144330_n 26220183_1643398292383077_8281081011403239960_n 26229501_1642426825813557_4229180652374486963_n 26230128_1643398329049740_6687008504799440369_n 26230789_1642426779146895_5449347310088593357_n 26731194_1646543658735207_8020442899040815574_n

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]