නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකුට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකුට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකුට ස්ථාන මාරු

කර්තෘ Sakila Udayakumara

10 Jan, 2018 | 10:50 am

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ජාතික පොලිස් කොමිසමේ හා මැතිවරණ කොමිසමේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් කළ බව ය.

ඒ අනුව විශේෂ ආරක්ෂක දිසාව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා මධ්‍යම හා ඌව පළාත භාරව පත් කර ඇති අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතා වයඹ හා උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එෆ්.යූ. ප්‍රනාන්දු මහතා ස්ථාන මාරු කර ඇත්තේ, දකුණ හා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයා ලෙස ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]