තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම කල් යයි

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම කල් යයි

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම කල් යයි

කර්තෘ Hashini De Mel

10 Jan, 2018 | 5:21 pm

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ දිනය කල් දමා තිබේ.

ඒ අනුව, තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු පැකට්ටු යැවීම හෙට දින සිදු නොකෙරනු ඇති.

උතුර පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අනිද්දා සිදු කෙරෙන අතර සෙසු දිස්ත්‍රික්කවල ලබන 13 වන දා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, තැපැල් ඡන්ද පත්‍රිකා සමග ඡන්ද දායකයින් වෙත යැවීමට නියමිත අපේක්ෂක නාමලේඛනය රජයේ මුද්‍රණාලයෙන් ලැබීමේ ප්‍රමාදය සහ තව ත් කරුණක් මුල් කර ගනිමින් මෙලෙස තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ දිනය කල් දැමු බවයි.

ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සැළසුම් කළ පරිදි අනිද්දා දිනයේ සිදුකෙරෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]