අලුත්ගම උකස් මධ්‍යස්ථානයක් කොල්ලකයි

අලුත්ගම උකස් මධ්‍යස්ථානයක් කොල්ලකයි

අලුත්ගම උකස් මධ්‍යස්ථානයක් කොල්ලකයි

කර්තෘ Hashini De Mel

10 Jan, 2018 | 8:13 pm

අලුත්ගම ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට පැමිණි කොල්ලකරුවන් පිරිසක් එහි ආරක්ෂක නිලධාරීන් බියගන්වා මුදල් හා ස්වර්ණාභරණ කොල්ල කා තිබේ.

පොලීසිය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණ මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු අද දහවල් මෙම කොල්ල කෑම සිදු කර ඇති බවයි.

ඔවුන් අත තිබු ගිනි අවියක් වැනි යමක්, ආරක්ෂක නිලධාරීන්ට පෙන්වා ඔවුන් සතු යතුරු උදුරා ගෙන උකස් මධ්‍යස්ථානයේ සේප්පු විවෘත කර එහි තිබු මුදල් හා ස්වර්ණාභරණ එළෙස පැහැර ගෙන ගොස් තිබේ.

කොල්ල කා ඇති මුදල මෙතෙක් අනාවරණයවී නොමැත.

සැකකරුවන් සොයා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]