Time’s Up: ලිංගික අතවරයන්ට එරෙහිව හොලිවුඩ් නිළියෝ ක්‍රියාත්මක වෙති

Time’s Up: ලිංගික අතවරයන්ට එරෙහිව හොලිවුඩ් නිළියෝ ක්‍රියාත්මක වෙති

Time’s Up: ලිංගික අතවරයන්ට එරෙහිව හොලිවුඩ් නිළියෝ ක්‍රියාත්මක වෙති

කර්තෘ Sakila Udayakumara

02 Jan, 2018 | 10:50 am

ලිංගික අතවර කිරීම්වලට එරෙහිව හොලිවුඩ් නිළියන් පිරිසකගේ මූලිකත්වයෙන් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

එය නම් කර ඇත්තේ, Time’s Up ලෙස ය.

මෙම වැඩසටහන සඳහා හොලිවුඩ් නිළියන් 300කට අධික පිරිසක්, පිටපත් රචකයින් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරු එක්ව සිටිති.

චිත්‍රපට කර්මාන්තය තුළ සහ අනෙකුත් සෑම ස්ථානයකම කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරවලට එරෙහිව නැගී සිටීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ලිංගික අපයෝජන සම්බන්ධයෙන් චිත්‍රපට නිෂ්පාදක හාවි වයින්ස්ටෙයින්ට එරෙහිව ඉහළ පෙළේ නිළියන් චෝදනා එල්ල කිරීමත් සමග මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]