සා/පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට ඇරඹේ

සා/පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට ඇරඹේ

සා/පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට ඇරඹේ

කර්තෘ Sakila Udayakumara

02 Jan, 2018 | 1:57 pm

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට ආරම්භ වේ.

ඒ අනුව ඇගයීම් කටයුතු දින 10ක් පුරා පැවැත්වෙනු ඇති.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ඇගයීම් කටයුතු වෙනුවෙන් මධ්‍යස්ථාන 105ක් සඳහා පරික්ෂකවරුන් 35000කට ආසන්න පිරිසක් යොදවන බව ය.

මේ අතර ඇගයීම් මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 200කට අධික පිරිසක් යෙදවීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

අපේක්ෂකයින් 685,000ක් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]