රථ වාහන ලියාපදිංචිය 45000කින් අඩුවෙයි

රථ වාහන ලියාපදිංචිය 45000කින් අඩුවෙයි

රථ වාහන ලියාපදිංචිය 45000කින් අඩුවෙයි

කර්තෘ Sakila Udayakumara

02 Jan, 2018 | 6:36 am

2017 වර්ෂයේ රථ වාහන ලියාපදිංචිය 45,000කින් අඩු වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, 2017 වර්ෂයේ රථ වාහන 448,625ක් ලියාපදිංචි කර ඇති බව ය.

ඉන් 76%ක් යතුරු පැදි ය.

2016 වර්ෂයේ ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 493,328කි.

මෝටර් රථ 39098ක් සහ බස් රථ 3302ක් ලියාපදිංචි කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]