දිවියෙකුගේ පහර කෑමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු රෝහලේ

දිවියෙකුගේ පහර කෑමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු රෝහලේ

කර්තෘ Hashini De Mel

02 Jan, 2018 | 6:39 pm

හැටන්, පන්නුර්වත්ත ප්‍රදේශයේදී දිවියෙකු පහරදීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ, ඔවුන් දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

අද පෙරවරු 10.30 ට පමණ පන්නුර්වත්ත ප්‍රදේශයට පැමිණි දිවියෙකු සුනඛයෙකු ඩැහැගෙන යන අවස්ථාවේදී ගෙහිමියා එය වැළැක්වීමට උත්සහ කර ඇත.

එම අවස්ථාවේ පළා ගිය දිවියා පුද්ගලයින් සිව්දෙනෙකුට පහරදී තිබේ.

අප වර්තාකරු ප්‍රකාශ කළේ, පහරදීමෙන් පසු ගම්වාසීන් එක් ව දිවියා කුඩා වන ‍රොදකට කොටුකර රැකවල් ලූ බවයි.

අනතුරුව වනජීවි දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීමකින් පසු දිවියා අල්ලාගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]