ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණයක්

කර්තෘ Hashini De Mel

21 Jan, 2018 | 9:19 pm

සිම්බාබ්වේ, ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරඟය පැවැත්වූයේ ඩකා හී ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේදීයි.

කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ ක්‍රිකට් නායක ග්‍රෑම් ක්‍රීමර් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

ඔවුන් පන්දුවාර 44 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 198කි.

බ්‍රෙන්ඩන් ටේලර් 33 වන අර්ධ ශතකය වාර්තා කළේ ය.

ග්‍රෑම් කීමර් ලකුණු 34 යි.

තිසර පෙරේරා ලකුණු 33 ට කඩුලු 4 කි.

නුවන් ප්‍රදීප් කඩුලු 3 ක් දවා ගත්තේ ය.

ලකුණු 199ක ඉලක්කයක් සමග කුසල් ජනිත් පෙරේරා සහ උපුල් තරංග පිටියට පිවිසි අතර මුළු ලකුණු සංඛ්‍යාව 33 ක් ව තිබියදී පළමු කඩුල්ල ලෙස උපුල් තරංග දැවී ගියේ ලකුණු 17 ක් රැස් කර ගනිමිනි.

අනතුරුව කුසල් ජනිත් පෙරේරා සහා කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු සම්බන්ධතාව ලකුණු 70 කි.

කුසල් ජනිත් ලකුණු 49 කට දැවී ගියේ ය.

කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක් රැස් කළ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 7කි.

නොදැවී ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 38 ක් රැස් කළ අතර තිසර පෙරේරා නොදැවී ලකුණු 39 ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය අත් කර දුන්නේ ය.