ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ ලකුණු 12ක තියුණු ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ ලකුණු 12ක තියුණු ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ ලකුණු 12ක තියුණු ජයක්

කර්තෘ Hashini De Mel

17 Jan, 2018 | 10:39 pm

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඩකාහිදී අද පැවැති තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 12 ජයක් වාර්තා කර තිබේ.

ලකුණු 291ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 278ක් පමණි.

සිම්බාබ්වේ පළමු කඩුල්ලට හැමිල්ටන් මසකඩ්ස්සා සහ සොලොමන් මයර් ලකුණු 75 ක සබඳතාවක් ගොඩනැගුවේ ය.

සොලොමන් මයර් ලකුණු 34 ක් රැස් කළ අතර සිය එක්දින දිවියේ 32 වන අර්ධ ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු හැමිල්ටන් මසකඩ්ස්සා ලකුණු 73ක් වාර්තා ක‍ළේ ය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සිකන්දර් රාසා ලකුණු 81ක් රැස් කර තිබේ.

අසේල ගුණරත්න ලකුණු 37ට කඩුලු 3ක් දවා ගත් අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 290කි.

උපුල් තරංග සහ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 46ක සබඳතාවක් ගොඩනැගුවේ ය.

තරංග ලකුණු 11කට පිටියෙන් ඉවත් වූ අතර කුසල් මෙන්ඩිස්ට ලකුණු රැස් කිරීමට නොහැකි විය.

කුසල් ජනිත් පෙරේරා සහ නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා තුන්වැනි කඩුල්ලට ලකුණු 85ක සබඳතාවක් ගොඩනගා ඇත.

9 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ කුසල් ජනිත් පෙරේරා ලකුණු 80කි.

නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 42ක් රැස් කර ඇත.

තිසර පෙරේරා ලකුණු 64 කි.

ශ්‍රී ලංකා පිතිකරුවන් පස් දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකිවී නොමැත.