මාලක සිල්වා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

මාලක සිල්වා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

මාලක සිල්වා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

කර්තෘ Sakila Udayakumara

18 Jan, 2018 | 5:05 pm

හිටපු ඇමති පුත් මාලක සිල්වා මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය අද වරෙන්තු නිකුත් කළා ය.

ඒ, කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට සහ ඔහුගේ පෙම්වතියට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පවරා තිබූ නඩුවකට අද නොපැමිණීම හේතුවෙනි.

අදාළ සිදුවීම වාර්තා වූයේ 2014 වසරේ දෙසැම්බර් මාසයේදී ය.

නඩු විභාගය මාර්තු 06 වන දා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.