ලබන වසරේ සිට බස් රථ රියැදුරන්ට විශේෂ පුහුණුවක් අනිවර්ය කෙරේ

ලබන වසරේ සිට බස් රථ රියැදුරන්ට විශේෂ පුහුණුවක් අනිවර්ය කෙරේ

ලබන වසරේ සිට බස් රථ රියැදුරන්ට විශේෂ පුහුණුවක් අනිවර්ය කෙරේ

කර්තෘ Hashini De Mel

31 Dec, 2017 | 8:21 am

රිය ධාවනය සම්බන්ධයෙන් මගී බස් රථ රියැදුරන් ලබාගත යුතු පුහුණුව ලබන වසරේ සිට අනිවාර්ය කිරීම කෙරෙහි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පුහුණුව ලැබු බව තහවුරු කරමින්, රියැදුරු බලපත්‍රයේ විශේෂ සලකුණක් යෙදීමට ද පියවර ගන්නා බවයි.

ඒ සඳහා සහතික පතක් පිරිනැමීමට කටයුතු කරන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ වන විට බස් රථ රියැදුරන් 17,000කට අධික පිරිසක් එම පුහුණුවට යොමුවී සිටිනු ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වාර්තා වන රිය අනතුරු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එම පියවර ගන්නා බවයි.

පුහුණුව ලබා ගත් බවට රියැදුරු බලපත්‍රයේ සටහන් නොවන රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කිරීමට සැලසුම් කර ඇති බව ද දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර රියැදුරු පුහුණු පාසල් නියාමනය තවදුරටත් විධිමත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ව තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිසි ලියාපදිංචියකින් තොරව රියැදුරු පුහුණු පාසල් පවත්වගෙන යන බවට තොරතුරු ලැබී ඇති බව ය.

එම ආයතන වැටලීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]