මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 160 දෙනෙකු අත්අඩංගුවේ

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 160 දෙනෙකු අත්අඩංගුවේ

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 160 දෙනෙකු අත්අඩංගුවේ

කර්තෘ Hashini De Mel

29 Dec, 2017 | 10:53 am

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 160 දෙනෙකු තවදුරටත් මෙරට අත්අඩංගුවේ පසුවන බව ධීවර දෙපාර්තමේන්තුව පවසා තිබේ.

එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, ඉන්දීය ධීවර යාත්‍රා 162ක් ද තම භාරයේ පසුවන බව යි.

එම ධීවරයින් නිදහස් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නීති උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත් ධීවර යාත්‍රා නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර මුහුදු සීමා උල්ලංඝණය කළ මෙරට ධීවරයින් හය දෙනෙකු ඉන්දීය අත්අඩංගුවේ පසුවන බව ද ධීවර දෙපාර්තමේන්තුව පවසා තිබේ.