උ. කොරියාවට එරෙහිව දැඩි සම්බාධක පනවමින් ගෙන ආ යෝජනාවකට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ඒකමතික අනුමැතිය

උ. කොරියාවට එරෙහිව දැඩි සම්බාධක පනවමින් ගෙන ආ යෝජනාවකට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ඒකමතික අනුමැතිය

උ. කොරියාවට එරෙහිව දැඩි සම්බාධක පනවමින් ගෙන ආ යෝජනාවකට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ඒකමතික අනුමැතිය

කර්තෘ Hashini De Mel

23 Dec, 2017 | 7:22 am

බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් මුල්කර ගනිමින් උතුරු කොරියාවට එරෙහිව දැඩි සම්බාධක පනවමින් ගෙන ආ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ඒකමතිකව සම්මත වී තිබේ.

යෝජනාව, ආරක්ෂක මණ්ඩලයට ගෙන ආවේ අමෙරිකාවේ මැදිහත්වීමෙනි.

නව සම්බාධක යටතේ උතුරු කොරියාවේ පෙට්‍රල් ආනයනය 90% කින් කපා හැරෙනු ඇත.

උතුරු කොරියාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් වන චීනය සහ රුසියාව ද මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීම කැපී පෙනෙන්නකි.

මෙම නව සම්බාධාක පනවනු ලැබුවේ, උතුරු කොරියාවට එරෙහිව 2008 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අමෙරිකාව සම්බාධක රැසක් පනවා තිබියදී ය.

ඒ අනූව උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන්වල හවුල්කරුවන්ගේ වත්කම් තහනම් කෙරුණු අතර භාණ්ඩ හා සේවා සැපයීම් ද සීමා කෙරිණි.

එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපති නික් හේලි පැවසුවේ, තවදුරටත් දඬුවම් විඳීමට සහ ලෝකය තුළ හුදකලාවීමට උතුරු කොරියාවට සිදුවන බවට, මෙමගින් පැහැදිලි පණිවිඩයක් ලබාදෙන බවයි.

අවි සංවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව තුළ පවතින ඒකමතික ස්ථාවරය ඉන් පෙනී යන බව චීන නියෝජිතයා ප්‍රකාශ කළ සිටියේ ය.

මෙම සම්බාධක සම්මතවීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරමින් ටුවිටර් පණිවිඩයක් මගින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, ලොවට අවශ්‍ය වන්නේ මරණය නොව සාමය බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]