අලි රැඳවුම් මධ්‍යස්ථානයෙන් පැන ගිය ගල්ගමුවේ තනි දළයා සොයා ගැනේ

අලි රැඳවුම් මධ්‍යස්ථානයෙන් පැන ගිය ගල්ගමුවේ තනි දළයා සොයා ගැනේ

අලි රැඳවුම් මධ්‍යස්ථානයෙන් පැන ගිය ගල්ගමුවේ තනි දළයා සොයා ගැනේ

කර්තෘ Hashini De Mel

23 Dec, 2017 | 6:46 am

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයෙන් පැන ගිය ගල්ගමුවේ තනි දළයා නැමති හස්තියා එම ප්‍රදේශයට ආසන්න මොටහෝනෑව ප්‍රදේශයේදී සොයා ගෙන තිබේ.

ඒ, වනජීවි දෙපාර්තමේන්තුව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කළ මෙහෙයුමකිනි.

පසුගිය 21 වන දා තනි දළයා හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයෙන් පැන ගියේ එහි ආරක්ෂිත වැට ද කඩා දමමිනි.

තනි දළයා මීට පෙර ද අවස්ථා තුනකදී වනජීවී නිලධාරීන් විසින් අල්ලා රක්ෂිතවලට මුදා හැරුණ ද යළිත් සිය සුපුරුදු වාස භූමියට පළා ගියේ වනජීවි නිලධාරීන් මවිතයට පත් කරමිනි.

හෙක්ටෙයාර් 1000 ක විශාලත්වයෙන් යුත් මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ගල්ගමුවේ තනි දළයා, හම්බෙගමුවේ නියපොත්තා ඇතුළු දරුණු ඝණයේ අලි ඇතුන් 33 දෙනෙකු පමණ රැඳවා සිටිනු ඇති.

මේ අතර තනි දළයා පැන යාමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී තිබේ.

ජංගම මුර සංචාරක කණ්ඩායම් කිහිපයකින් සමන්විත ව එම ආරක්ෂාව ලබාදී ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]