රෝහිත් ශර්මාගෙන් වාර්තාගත ශතකයක්: ඉන්දියාව ශ්‍රී ලංකාවේ වාර්තාව සම කරයි: ශ්‍රී ලංකාවට ලකුණු 88ක දැවැන්ත පරාජයක්

රෝහිත් ශර්මාගෙන් වාර්තාගත ශතකයක්: ඉන්දියාව ශ්‍රී ලංකාවේ වාර්තාව සම කරයි: ශ්‍රී ලංකාවට ලකුණු 88ක දැවැන්ත පරාජයක්

රෝහිත් ශර්මාගෙන් වාර්තාගත ශතකයක්: ඉන්දියාව ශ්‍රී ලංකාවේ වාර්තාව සම කරයි: ශ්‍රී ලංකාවට ලකුණු 88ක දැවැන්ත පරාජයක්

කර්තෘ Chathuranga Rajapaksha

22 Dec, 2017 | 10:36 pm

පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයක වේගවත්ම ශතකය සඳහාවන වාර්තාව සම කිරීමට ඉන්දීය නායක රෝහිත් ශර්මා අද සමත් විය.

ඒ, ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී ය.

ඉන්දිය කන්ඩායම මෙම තරගය ලකුණු 88කින් ජය ගත්තේය.

ලකුණු 261ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවි රැස් කිරිමට හැකි වුනේ ලකුණු 172ක් පමණි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කන්ඩායමේ ආරාධනයෙන් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසියේය.

ඉන්දීය ඉනිම ආරම්භ කළේ රෝහිත් ශර්මා සහ ලෝකේෂ් රාහුල්.

ඔවුන් දෙදෙනා ඉන්දීය කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබා දුන්නේය.

ශර්මා ලකුණු 100 සීමාව පසු කළේ පන්දු 35කදී 4 පහර 11ක් සහ 6 පහර 8ක් ද සමගිනි.

ඔහු පන්දු 43කින් ලකුණු 118ක් රැස් කළේය.

ශර්මා පන්දුවාර 20යි 20 තරගයකදී වාර්තා කළ දෙවැනි ශතකය මෙය වේ.

ලෝකේෂ් රාහුල් ලකුනු 89ක් රැස් කළේය.

ඉන්දීය අවසන් කඩුලු 3 බිද වැටුණේ ලකුණු 2ක දීය.

තිසර පෙරේරා ලකුණු 49ට කඩුලු 2ක් දවා ගත්තේය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කන්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 රැස් කළ ලකුණු සංඛ්‍යාව 260කි.

එය පන්දුවාර 20යි 20 තරගයක ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ දෙවැනි ඉහළම ලකුනු සංඛ්‍යාව සම කිරීමක් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම 2007 වසරේදී එම වාර්තාව පිහිටුවූයේ කෙන්යාවට එරෙහිවයි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ, නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග.

දික්වැල්ල ලකුණු 25කට දැවී ගියේය.

උපුල් තරංග සහ කුසල් ජනිත් අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 109කි.

කුසල් ජනිත් ලකුනු 50 සිමාව පසු කලේ පන්දු 26කිනි.

තරංග පන්දු 29කින් ලකුණු 47ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙල කඩුලු 7 බිද වැටුනේ ලකුණු 164කදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]