කොළඹ නගරයේ මාර්ග කිහිපයක් වසා දැමේ

කොළඹ නගරයේ මාර්ග කිහිපයක් වසා දැමේ

කොළඹ නගරයේ මාර්ග කිහිපයක් වසා දැමේ

කර්තෘ Hashini De Mel

17 Dec, 2017 | 9:24 am

මලයාසියානු අග්‍රාමාත්‍ය, නජීබ් රසාක් මෙරටට පැමිණීම හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් අද පෙරවරුවේ වසා තැබෙන බව පොලීසිය පවසා තිබේ.

මේ අනූව නෙළුම් පොකුණ මංසන්ධිය, පුස්තකාල වට රවුම, ලිබර්ටි වට රවුම, ශාන්ත මයිකල් මාවත සහ ඒ ආශ්‍රිත අතුරු මාර්ග ගාලු පාර දක්වා අද පෙරවරුවේ වසා තැබෙනු ඇත.

ඊට අමතරව ආනන්ද කුමාරස්වාමි මාවත, කොල්ලුපිටිය හන්දිය, ගාලු මෝදර පිටිය, එන්. එස්. ඒ වටරවුම ද වසා තැබෙනු ඇත.

පොලීසිය සඳහන් කළේ, පෙරවරු 8.30 සිට 9.30 දක්වා කාලය තුළ විනාඩි 15 ක් පමණ අදාළ මාර්ග වසා තබන බවයි.

ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනු ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]