T10 ලීග් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරග දෙකම පරාජයට පත්වෙයි

T10 ලීග් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරග දෙකම පරාජයට පත්වෙයි

T10 ලීග් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරග දෙකම පරාජයට පත්වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

16 Dec, 2017 | 7:13 am

ක්‍රිකට් ක්‍රීඩාවේ නවතම සංකල්පයක් ලෙස පසුගියදා ආරම්භ කළ පන්දුවාර 10 හෙවත් T10 ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ඇතුළත් ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සහභාගි වූ තරග දෙකම පරාජයට පත් විය.

ඒ, විරේන්ද්‍ර ශෙවාග්ගේ නායකත්වයෙන් යුත් මරාතා ඇරබියන්ස් කණ්ඩායම සහ සහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් පක්ටූන් කණ්ඩාය හමුවේදී ය.

මෙම තරග දෙකම පැවැත්වුණේ සාජා ක්‍රීඩාංගණයේදී ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 125ක් ලබා ගත්තේය.

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුර ඉනිම ක්‍රීඩා කළ මරාතා ඇරබියන්ස් කණ්ඩායම පන්දුවාර 10 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 131ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කළේය.

අනතුරුව ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම සහ පක්ටූන් කණ්ඩාය සමග තරගය ආරම්භ විය.

එහිදී මුලින්ම පන්දුවට පහර දුන් පක්ටූන් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 111ක් ලබා ගත්තේය.

නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටීම් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 84ක් පමණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]