බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ විවාහ උත්සවයට දින නියම වෙයි

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ විවාහ උත්සවයට දින නියම වෙයි

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ විවාහ උත්සවයට දින නියම වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

16 Dec, 2017 | 2:09 pm

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ විවාහ මංගල උත්සවය 2018 මැයි 19 වන සෙනසුරාදා පැවැත්වෙන බව කෙන්සින්ටන් මාළිගාව දැනුම් දී තිබේ.

ඔවුන් දෙදෙනාගේ විවාහය වින්ඩ්සර් කාසල් භූමියේ පිහිටි ශාන්ත ජෝර්ජ් චැපල්හී සිදු කරනු ඇති.

කෙසේ වෙතත් රාජකීය මංගල උත්සවය සාමාන්‍යයෙන් සතියේ දිනක පැවැත්වෙන නමුත් මෙවර එම සම්ප්‍රදාය බිඳ දමමින් මෙම විවාහ උත්සවය සෙනසුරාදා දිනක පැවැත්වේ.

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු එෆ්.ඒ. සභාපතිවරයා ලෙස සහභාගීවන එෆ්.ඒ. කුසලාන පාපන්දු අවසන් මහා තරගය ද මෙම විවාහය පැවැත්වෙන දිනයේදීම පැවැත්වීම විශේෂත්වයකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]