ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් 4 දෙනෙකු ඇල්පිටියේදී අත්අඩංගුවට

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් 4 දෙනෙකු ඇල්පිටියේදී අත්අඩංගුවට

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් 4 දෙනෙකු ඇල්පිටියේදී අත්අඩංගුවට

කර්තෘ Chathuranga Rajapaksha

16 Dec, 2017 | 8:07 am

මිනීමැරුම් හා කප්පම් ගැනීම්වලට සම්බන්ධ ප‍්‍රබල පාතාල සමාජිකයෙකුගේ ප‍්‍රධාන ගෝලයකු ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් සිව් දෙනකු ඇල්පිටිය, නියාගම, ගෝනලගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය ඊයේ පස්වරුවේ කළ මෙහෙයුමකදී ය.

සැකකරුවන් සිව්දෙනා සතුව රිවෝල් වර්ගයේ ගිනි අවියක්, ඊට අදාළ උණ්ඩ 5 ක්, අත් බෝම්බයක්, ටී 56 ගිනිඅවි වලට යොදන උණ්ඩ 5 ක්, ෂොට්ගන් අවියක් හා උණ්ඩයක් වූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

ඔවුන් අත්ඩඅඩංගුවට පත්ව ඇත්තේ නියාගම ප‍්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ය.

සැකකරුවන් සතුව තීබී හෙරෝයින් මිලි ග්‍රෑම් 150 ක් ද සොයාගෙන තිබේ.