වතුකරයේ ගුරු පුරප්පාඩු සඳහා ඉන්දියාවෙන් ගුරුවරුන් 100ක් බඳවා ගැනීමේ සැලසුමක්

වතුකරයේ ගුරු පුරප්පාඩු සඳහා ඉන්දියාවෙන් ගුරුවරුන් 100ක් බඳවා ගැනීමේ සැලසුමක්

වතුකරයේ ගුරු පුරප්පාඩු සඳහා ඉන්දියාවෙන් ගුරුවරුන් 100ක් බඳවා ගැනීමේ සැලසුමක්

කර්තෘ Chathuranga Rajapaksha

10 Dec, 2017 | 8:47 am

වතුකරයේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ඉන්දියාවේ ගුරුවරුන් 100 දෙනෙකු පමණ බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් තිස්ස හේවාවිතාන මහතා සදහන් කළේ, ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා ආරම්භ වී ඇති බව ය.

ඒ, සම්බන්ධයෙන් ඉන්දියානු මහකොමසාරිස්වරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක බව ද තිස්ස හේවාවිතාන මහතා සඳහන් කළේය.

එලෙස ගුරු පුරප්පාඩු පවතින්නේ උසස් පෙළ විද්‍යාව, ගණිත සහ ඉංග්‍රීසී විෂයයන් සඳහායි.

ලේකම්වරයා ප්‍රකාශ කළේ, යාපනය ප්‍රදේශයේ ගුරුවරුන් වතුකරයේ පාසල් සඳහා යොමු වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, එම ප්‍රෙද්ශවල පාසල් ළමුන් ගැටළු රැසකට මැදිව ඇති බව ය.

ඒ අනුව නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල යන ප්‍රදේශවලට ඉන්දියානු ගුරුවරුන් අනුයුක්ත කෙරෙනු ඇති.

ලේකම්වරයා පැවසුවේ පවතින ගුරු පුරප්පාඩු සඳහා මෙරට ගුරුවරුන් අනුයුක්ත කරන තුරු ඉන්දියානු ගුරුවරුන් බඳවා ගන්නා බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]