2 වන දිනටත් ක්‍රියාත්මක දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වැඩ වර්ජනයට තවත් වෘත්තීය සමිති 6ක සහය

2 වන දිනටත් ක්‍රියාත්මක දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වැඩ වර්ජනයට තවත් වෘත්තීය සමිති 6ක සහය

2 වන දිනටත් ක්‍රියාත්මක දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වැඩ වර්ජනයට තවත් වෘත්තීය සමිති 6ක සහය

කර්තෘ Staff writer

08 Dec, 2017 | 6:52 am

දුම්රිය එන්ජින් රියැදුරන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද 2 වන දිනටත් ක්‍රියාත්මක වේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එම වැඩ වර්ජනයට තවත් වෘත්තීය සමිති 6ක් සහය පළ කර තිබේ.

ඊට දුම්රිය නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් ද ඇතුළත් ය.

වැඩ වර්ජනය හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ.

මෙරට දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 350කට අධික ය.

ඉන් අද උදෑසන ධාවනය කළ හැක්කේ කාර්යාල දුම්රිය 10ක් පමණක් බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

මේ අනුව මහනුවර, රඹුක්කන, පොල්ගහවෙල, හලාවත, ගාල්ල, මාතර සහ අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා උදෑසන කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා තිබේ.

අප මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතාගෙන් ද විමසීමක් කළේ ය.

ඔහු සඳහන් කළේ, වෘත්තීය සමිතිවල ඉල්ලීම් සාධාරණ නොවන බව ය.

ඔවුන් අදාළ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු නොකරන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]